දැක්ම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මගී ප්‍රවාහන සේවා පහසුකම් සපයන්නා වීම

හැඳින්වීම

දකුණු පළාතේ මගී ප්‍රවාහන නියාමන ආයතනය වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික ධාවකයින්ගේ දායකත්වය මත ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව රට තුල ක්‍රියාත්මක සංවර්ධන ක්‍රියාවලියට ගැලපෙන අයුරින්, සම්පුර්ණයෙන් ඒකාබද්ධ හා නියාමනය වු ප්‍රවාහන ජාලයක් ගොඩනැගීම සඳහා සැලසුම් කිරීම, එම සැලසුම් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පාලනය කිරීම මෙම අධිකාරියට පැවරී ඇත.

මේ යටතේ 2017 වසර තුලද දකුණු පළාතේ මාර්ග 532 යටතේ දෛනිකව ගමන්වාර 14438 ක් ක්‍රියාත්මක කිරීමත් දකුණු පළාතේ ක්‍රියාත්මක බස්නැවතුම්පොල 42 යටතේ පොදු පහසුකම් ප්‍රවාහන සැපයීමත් ශ්‍රීලංගම හා පෞද්ගලික අංශයේ ධාවකයින් පොදු ප්‍රවාහන ප්‍රතිපත්තින්ට අනුව දෛනිකව නියාමනය කිරීමත්, සමස්ථ මගී ජනතාවට බලපාන පොදු පහසුකම් ගොඩනඟමින් අඛණ්ඩව සංවර්ධනයක් පවත්වාගෙන යාම සඳහා දායකත්වය ලබාදීමත් මගී ඉල්ලුම පදනම්ව නැවත ප්‍රවාහන සේවා සැලසුම් කිරීම, ජනිතවන අසීමිත ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් තාක්ෂණික ක්‍රම උපායන් යටතේ විසදුම් ජනිත කිරීමත් හා පිරිවැය පරිපාලනය කිරීම සඳහා බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ආයතනයේ ඵලදායිතාවයට නැඹුරුව ජාත්‍යන්තර තත්ත්වකරණ ප්‍රමිතීන්ට අනුව ප්‍රවාහනයේ ගුණාත්මකභාවය සංවර්ධනය කිරීම සදහා වැඩසටහන් මෙහෙයවීම අධිකාරි විසින් සිදුකරමින් පවති.