Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන් ව්‍යාපෘති ආයුර්වේද උද්‍යාන

දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුබද්ධව සිදුකරන උද්‍යාන ආයුර්වේද සංකල්පය

 

දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් බෙලිඅත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය මගින් මේ වන විට ආයුර්වේද ඖෂධ වර්ග 50 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි. එම නිෂ්පාදිත ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයුර්වේද රෝහල් තුල භාවිත‍යට ගැනෙන අතර ආයුර්වේද ඖෂධ අලෙවි සැල් වල අලෙවිය සඳහා නිකුත්කරනු ලබයි. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී මුහුණ පා ඇති ගැටළුවක් වන්නේ ඖෂධ නිෂ්පාදනයේදී ඒ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සොයා ගැනීමයි. මෙයට පිළියමක් ලෙස දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත තුල සිටින ආයුර්වේද ඖෂධ වගාකරුවන් වෙත ඖෂධ පැලෑටි, අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා උපදෙස් ලබා දී එම වගාවන් නිසි කාලයේදී සෘජුවම ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මිලදී ගැනීමයි. එම මිලදී ගන්නා ලද අමුද්‍රව්‍ය බෙලිඅත්ත නිෂ්පාදනාගාරයේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබයි. මෙමගින් ඇතිවන වාසිය වන්නේ වඩාත් ගුණාත්මක බවින් ඉහළ ඖෂධ අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාව පැවතීමයි. එමෙන්ම නිසි කාලයේදී ලබා ගැනීමට හැකියාව පවති. එමගින් නිෂ්පාදනය කරනු ලබන ‍ඖෂධ වර්ග වඩාත් ගුණාත්මක බවින් ඉහළ අගයක් ගනී. මෙම කටයුත්ත දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වඩාත් පුළුල් කිරීමට බලා‍පොරොත්තු වෙයි. එමගින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීම පරමාර්ථයයි. මෙයට උදාහරණයක් ලෙස වලස්මුල්ල හොරේවෙල ප්‍රදේශයේ වගා කරන ලද නිල් අවරිය ශාක මගින් බෙලිඅත්ත නිෂ්පාදනාගාරයේදී නිපදවනු ලබන නිල්‍යාදී තෛලයයි. එමෙන්ම දකුණු පළාත තුල ජංගම ආයුර්වේද ඖෂධ අලෙවිසැල් පවත්වාගෙන යාමටද බලාපොරොත්තු වෙයි. ඉදිරිකාලයේදී එම ජංගම ආයුර්වේද ඖෂධ අලෙවිසැල් තුලින් වඩාත් ගුණාත්මක බවින් ඉහළ ඵලදායී සේවාවක් මහජනතාව වෙත සැපයීම දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභිප්‍රායයි.  

  

 

 
 
 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය