දැක්ම

දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක්

හැඳින්වීම

දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වන්නේ වසර දෙදහස් පන්සියයකට අධික සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් ප්‍රජාවගේ සෞඛ්‍ය සංරක්ෂණය තුළින් ශාරීරික හා මානසික සෞඛ්‍යයෙන් හෙබි නිරෝගිමත් ජනතාවක් බිහිකරලීමයි.

රෝග නිවාරණය, ප්‍රතිකාර සේවා සහ ආයුර්වේද ප්‍රවර්ධන කටයුතු පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් කාලීන සංවර්ධන ක්‍රියාදාමයන් රාශියක් ඉටුකිරීම තුළින් ඵලදායී සේවාවන් සැපයීමට හා ඉහල ප්‍රගතියක් අත්කර ගැනීම අතිශයින් වැදගත්වේ.

දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ආයුර්වේද රෝහල් 10ක්ද මධ්‍යම ඛෙහෙත් ශාලා 26 ක්ද ජනතාවට ප්‍රතිකාර සේවා සපයනු ලබයි. මේ අතරින් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් වැඩිදියුණු කරන ලද දිස්ත්‍රික් රෝහල් වන ගාල්ල ආයුර්වේද රෝහල, අපරැක්ක ආයුර්වේද රෝහල සහ ඛෙලිඅත්ත ආයුර්වේද රෝහල මගින් විශේෂ සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.