දැක්ම

දකුණු පළාත් මහජනතාවට ප්‍රශස්ථ සේවාවක් සපයන ශක්තිමත් හා මනා පාලනයකින් යුත් පළාත් පාලන ආයතන පද්ධතියක් ඇති කිරීම.

හැඳින්වීම

දකුණු පළාත් සභා බල ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇති මහා නගර සභා 03, නගර සභා 04 සහ ප්‍රාදේශීය සභා 42 තුළ සංව3ර්ධන කටයුතු සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන මගින් එම කාර්යයන් ඉටු කිරීම සඳහා එම ආයතන මෙහෙයවීම, මග පෙන්වීම, උපදෙස් දීම, අධීක්ෂණ කටයුතු සිදු කිරීම හා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමත්, තාක්ෂණික සේවාවන් හා අනෙකුත් සේවාවන් ලබාදෙමින් පළාතේ මහජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් කර ගැනීමට කටයුතු කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ වගකීම වේ.