දැක්ම

තිරසාර ආර්ථීක හා සමාජ සංවර්ධනයේ තෘප්තිකර ප්‍රතිලාභ භුක්ති විදින ජාතික උරුමයෙන් පෝෂිත දක්ෂිණ දේශිකයන්ගේ සමාජයක්

හැඳින්වීම

දකුණු පළාතේ ආර්ථික හා සමාජ සංවර්ධනයට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම් ඉටු කිරිම අරමුණු කොටගත් ආයතනයක් වන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනටම අදාළ වු වැඩසටහන් හා ව්‍යාපෘති නිර්මාණය කොට ක්‍රියාත්මක කරනු ලබයි.

ඉහත අංශවලට අදාළව සේවා සපයන දකුණු පළාතේ සෙසු රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි පවතින නෛතික රාමුව තුළ ක්‍රියාත්මක කළ නොහැකි හා ඌනතා පවතින අංශ හඳුනාගෙන ඒවායේ නිෂ්පාදනය හා ඵලදායීතාවය ඉහළ නැංවීමට යෝග්‍ය වැඩසටහන් හා ව්‍යාපෘති නිර්මාණය කොට ක්‍රියාත්මක කිරිම මෙම ආයතනයේ මුලික පරමාර්ථය වේ.

ඒ අනුව 2017 වර්ෂයේආරම්භය පහත තේමාවන් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති අතර බොහෝමයක් ව්‍යාපෘති මෙතෙක් අවිච්ඡින්නව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතින්ට අමතරව 2017 වර්ෂයේ සිට ආයතනික මූල්‍ය ස්වාධීනත්වය ඉලක්ක කර ආරම්භ කරන ලද නවක ව්‍යාපෘතියක් වේ.