2023-12-14 දින පෙරවරුවේ පොල්වත්ත ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ.

 

 

 

දකුණු පළාතේ ග්‍රාම නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන

දකුණු පළාතේ ග්‍රාම නිලධාරීන් සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාර  සාම නිලධාරියෙකු ලෙස ග්‍රාම නිලධාරීයෙකුගේ කාර්යභාරය සහ අධිකරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු නීතිය හා සාමය වැය විෂය යටතේ පවත්වනු ලැබේ.

ඒ සඳහා  දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාල මඟින් ගෙන්වා ගනු ලැබූ දත්ත අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අදාල වසම් තුල රජකාරී ඉටු කරන ග්‍රාම නිලධාරීන් සංඛ්‍යාව හදුනාගන්නා ලදී.ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් 703 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් 526 ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් 466 ක් දෙනෙකු  ඇතුළුව නිලධාරීන් 1695 දෙනෙකු සඳහා මෙම පුහුණූ වැඩමුළු පැවැත්වේ.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සම්බන්ධ කර එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක මෙම වැඩමුළු සිදු කරන අතර ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ පුහුණූ වැඩමුළු 06 ක් සහ මාතර දිස්ත්‍රික්කයේ වැඩමුළු 04 ක් සහ හම්බන්තොට දිස්ත්‍රිකක්යේ වැඩමුළු 03 ක්  ලෙස වැඩමුළු  13 ක් පැවැත්වේ(ඇමුණුම 01 පරිදි). ගාල්ල දිස්ත්‍රික්කයේ පුහුණු වැඩමුළු සඳහා ඇල්පිටිය පොලිස් විද්‍යාලය මඟින් සම්පත්දායකත්වය ලබා ගැනීම සිදු කරන අතර මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩමුළු සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල මඟින් සම්පත්දායක නිලධාරීන් සහභාගීවේ.

 

 

 

PL-I  සෞඛ්‍ය සේවකයින් බඳවා ගැනීමේ පටිපාටියට අනුව අභ්‍යන්තර උසස්වීම මත සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) සේවකයන් සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය) තනතුරට පත්කිරීම, ඉසින යන්ත්‍ර ක්‍රියාකරු හා මුරකරු උසස්වීම් ලබාදීමේ ලිපි ප්‍රදානය 2023.11.01 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විලී ගමගේ මැතිතුමාගේ හා දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටු සභාපති චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇත.

 

 

 

දකුණු පළාත් පුස්තකාලයාධිපති සේවය සඳහා බඳවාගත් නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රධානය ගරු ආණුඩුකාරතුමාගේ ප්‍රධානාත්වයෙන් 2023.11.17 වැනි සිකුරාද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණි. ප්‍රධාන අමාත්‍යංශ ලේකම්තුමා, ජේෂ්ඨ සහකාර ලේකම්තුමිය, සහ සහකාර ලේකම් තුමිය (පාලන) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

 

 

A training of trainers program will be held on 12-07-2023 at the Matara District Health Services Directorate office in connection with the Ministries and Departments and affiliated institutions and the community regarding the control of the spread of dengue in the Southern Province.

 

 

 

අනු-ප්‍රවර්ගයන්