නීතිය හා සාමය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන සහ සංචාරක යන ක්ෂේත්‍රයන්ට අදාල ජාතික ප්‍රතිපත්තීන්ට අනුව වඩා යහපත් පරිපාලනයක්, ප්‍රතිපත්ති සැලසුම්කරණයක් සහ අනෙකුත් හවුල්කාර ආයතනයන් සම්බන්ධීකරණය ඔස්සේ දකුණු පළාතේ ජනතාවට ප්‍රශස්ත සේවාවක් සැපයීම සඳහා අපගේ අමාත්‍යාංශය කැපවී සිටී.

ඉහත සඳහන් ක්ෂේත්‍ර සඳහා වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කිරීම, පිරිවැය ඇස්තමේන්තුකරණය, අධීක්ෂණය හා ඇගයීම අප අමාත්‍යාංශයේ ප්‍රධාන සංවර්ධන කාර්යයන් වේ.

අපේ විෂය පථය

  • නීතිය සහ සාමය
  • සෞඛ්‍ය
  • පළාත් පාලනය
  • ආයුර්වේදය
  • ප්‍රවාහනය
  • සංචාරක

ප්‍රධාන ක්‍රියාකාරී ක්ෂේත්‍රයන්

ප්‍රධාන ක්‍රියාකාරී ක්ෂේත්‍රයන් වනුයේ නීතිය හා සාමය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන සහ සංචාරක යන ක්ෂේත්‍රයන් වන අතර ඒවා අමාත්‍යාංශයේ පහත දැක්වෙන අංශ යටතේ ක්‍රියාත්මක වේ.