සෞඛ්‍ය
රෝග නිවාරණය හා ප්‍රතිකර්ම වැඩිදියුණු කිරීම තුළින් ප්‍රජාවගේ සෞඛ්‍ය මට්ටම ජාතික හා ජාත්‍යන්තර දර්ශක ලඟා කරවීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම.
දේශීය වෛද්‍ය
දේශීය ආයුර්වේද ක්‍රම සංරක්ෂණය කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට දේශීය සෞඛ්‍ය ප්‍රචලිත කරමින් නිරෝගී ජනතාවක් බිහි කිරීම.
පළාත් පාලන
උපතේ සිට මරණය දක්වා නොව උපන් දිනට පෙරත්, මරණයෙන් පසුවත් මහජනතාවට අවශ්‍ය විවිධ වූ සේවාවන් සපයමින් පළාතේ ජනතාවගේ සුඛ විහරණය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
මගී ප්‍රවාහන
දකුණු පළාතේ මගී ජනතාව සඳහා ප්‍රවාහන සේවාව වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව සැපයීම හා දකුණු පළාතේ ඓතිහාසිකහා අධ්‍යාපනික වටිනාකමකින් යුතු ස්ථාන ජාලගත කර දක්ෂිණ දේශයේ ප්‍රජාවට කෘතහස්ත සේවයක් සැලසීම.
රුහුණු සංචාරක
දකුණේ සංචාරක කර්මාන්තයට සෘජු දායකත්වයක් ලබාදෙන ආකර්ශනීය ස්ථාන වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම තුළින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය ලබාගනිමින් දකුණු පළාතේ ආර්ථීක හා සමාජ සංවර්ධනයට දායක වීම.
සංවර්ධන අධිකාරිය
පළාතේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශයන්හි වටිනාකම ඉහළ නැංවීම සඳහා යෝග්‍ය වැඩසටහන් නිර්මාණය කොට ක්‍රියාත්මක කරමින් දකුණු පළාතේ ආර්ථීක හා සමාජ සංවර්ධනයට දායක වීම.
මෝටර් රථ ප්‍රවාහන
පළාත් අරමුදල් සම්පාදනයට ක්‍රමවත් ආදායම් රැස් කිරීම තුළින්, නවීන පහසුකම් භාවිතා කරමින්, මෝටර් රථ හිමියන්ට සහාය ලබාදීම. වාහන අදායම් බලපත්‍ර අලුත් කිරීම සදහා පහත සබැදිය අනුගමනය කරන්න.
වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සදහා මෙතැනින් පිවිසෙන්න >>>